ස්වීඩනයට ප්‍රචණ්ඩ හිම කුණාටුවක් කඩාවදී


ප්‍රචණ්ඩ හිම කුණාටුක් ස්වීඩනයට කඩා වැදුණි. තද සුළං ද සමඟ කඩා වැදුණු මෙම හිම කුණාටුවට හසුවීමෙන් කුඩා දරුවකු ද ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ස්වීඩන බලධාරීහු පැවැසූහ.

කාලගුණ විද්‍යාඥයන් මෙම හිම කණාටුව නම් කර ඇත්තේ ජොහැනස් යනුවෙනි. අධික හිම පතනය හේතුවෙන් මාර්ග රැසක් හිමෙන් වැසී ගොස් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ බව පැවැසෙයි. ගුවන් ගමනවලට ද බාධා එල්ල වී ඇත.

ස්වීඩන මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට 44,000 කට විදුලි බලය අහිමි වී ඇති බවය.

ස්වීඩනයට අමතරව, නෝර්වේ රාජ්‍යයට ද මෙම හිම කුණාටුවෙන් හානි සිදුවී ඇතැයි පැවැසෙයි. අයහපත් කාලගුණය නිසා අනතුරු 200 කට වැඩි ගණනක් වාර්තා වන බව නොර්වේ බලධාරීන් පවසා ඇත. නෝර්වේ රාජ්‍යයේ නෝර්ඩ්ලෑන්ඩ් පළාතේ නිවාස 23,000 කට විදුලිය බලය නොමැති බව පැවැසෙයි.