
මධ්‍යම යුරෝපා රාජ්‍යයක් වන ස්ලොවේකියාවේ දුම්රිය දෙකක් ගැටීමෙන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පැවැසෙයි.
ස්ලොවේකියාවේ බ්‍රැයිස්ලාවා අගනුවර සිට පෙසිනොක් නගරය තෙක් ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් මෙසේ අනතුරට පත්වුණු බව පැවැසෙයි. අනතුර සිදුවී ඇත්තේ එක් දුම්රියක් පීලි පැනීමෙනි. පීලි පැනීම සිදුවී ඇත්තේ දුම්රිය දෙක එකිනෙක පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී යැයි ද පැවැසෙයි.

