සයිප‍්‍රසයට යූරෝ බිලියන දහයක මුදල් ආධාර


උග‍්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සයිප‍්‍රසයට ඉන් ගොඩ ඒම සඳහා අන්තර් ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ යුරෝපා මහ බැංකුව එක් වී, යූරෝ බිලියන 10 ක මුදලක් ලබා දීමට ඊයේ (25) නියමිතව තිබුණි.
එම මූල්‍ය ආධාරය සයිප‍්‍රසයට ලබා දීමට තීරණය කෙරුණේ යුරෝපා සංගම් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡුා කිරීමෙන් ද පසුවය.
මූල්‍ය අධාර සයිප‍්‍රසයට ලබාගැනීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයකට යටත් වීමට ද සයිප‍්‍රස් රජයට සිදුවිය. ඒ අතරින් ප‍්‍රධාන කොන්දේසිය වූයේ ඊයේ දිනට පෙර සයිප‍්‍රසය සතුව යූරෝ බිලියන 5.8 ක මුදලක් ඇති බව පෙන්වීමය.