සතුට අතින් ලංකාව 137 වැනි තැනට


ලොව සතුටින්ම සිටින ජාතීන් අතරින් ශ්‍රී ලංකාවට 137 වැනි ස්ථානය ලැබි ඇත.

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව නිකුත් කරන ‘මර්ලඕ හැපිනස්‘ වාර්තාව මගින් මෙය ඉදිරිපත් කරන ලදී.

මෙම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින ජාතිය වනුයේ ඩෙන්මාර්කයයි.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා රටවල් 156ක් තෝරා ගෙන ඇත.

කොළොම්බියා විශ්ව විද්‍යාලයක් මගින් සකස් කර ඇති මෙම වාර්තාව සදහා දළ දේශීය නිෂ්පාදිතය, ආයු අපේක්ෂාව, සමාජ නිදහස, තේරීමේ නිදහස ආදී නිර්ණායක භාවිත කර ඇත.

ඩෙන්මාර්කය 7.793ක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, නෝර්වේ 7.655ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ස්විස්ටර්ලන්තය 7.650ක් ලබා තුන්වැනි ස්ථානයේද පසුවෙයි.