
ලිබියාවේ සිට ඉතාලිය දක්වා අනවසර සංක්‍රමණිකයන් රැගෙන යාත්‍රා කරමින් තිබූ කුඩා බෝට්ටු දෙකක් මුහුදේ ගිලී යෑමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
මුහුදේ ගිලී යද්දී, එක් බෝට්ටුවක 26 දෙනකු ද අනෙක් බෝට්ටුවේ 70 දෙනකු ද සිට ඇතැයි පැවැසෙයි. මෙම පිරිස අතර, බංග්ලාදේශ ජාතිකයන් සහ සුඩාන ජාතිකයන් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

