වෙනිසියුලා ගුවන් කලාපය තහනම්


ඇමෙරිකා ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලා ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් යානාවලට අනතුරු ඇඟවීම් කර ඇත.

ඒ, වෙනිසියුලාව තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වය නරක අතට හැරීම සහ එරට හමුදා ක්‍රියාකාරකම් ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජය සහ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ රජය අතරේ උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇත. වෙනිසියුලා ජනාධිපති මදුරෝ දිගින් දිගටම පවසා ඇත්තේ තමන්ට ඇමෙරිකාව සමඟ ගැටුමක් නොමැති බවය.