වෙඩි තැබූ සැකකරුවන් අල්ලයි


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් වෙරළේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි

සිඩ්නි අගනුවර අයත් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසිය පවසා ඇත්තේ පොලිස් මෙහෙයුම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයට යාමෙන් වැළකී සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙසය.

මෙම වෙඩි තැබීම 'ත්‍රස්තවාදී සිද්ධියක්' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. සිඩ්නි නුවර යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුවිය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් එක් වෙඩික්කරුවකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

තුවාල ලැබූ 29 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත්, ඔවුන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් පැවැසෙයි.

බොන්ඩිබීව් වෙරළේ යුදෙව්වන්ගේ හනුක්කා සැමරුම් උත්සවයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුවිය. වෙඩික්කරුවන්ට අයත් මෝටර් රථයකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැනියොන් මාධ්‍ය හමුවේ පවසා ඇත.