වායු දූෂණය ඉහවහා යයි: නවදිල්ලි වැසියන්ට අනතුරු


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය යළිත් වරක් දරුණු අතට හැරී ඇතැයි හරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. 

නිදන්ගත හෘද රෝග සහ ශ්වසන ආවාධ ඇති පුද්ගලයන්ට වායු දූෂණය අහිතකර වනු ඇති බවත්, හැකි නම් එවැනි අවදානම් සහිත පුද්ගලයන් තාවකාලිකව නගරයෙන් බැහැරව සිටීම වඩා සුදුසු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට දිල්ලියේ සාමාන්‍ය වායු තත්ත්ව දර්ශකය ඉතා දුර්වල කාණ්ඩය (301-400) දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත. මෙම තත්වය ලබන දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ද බිය පළ කෙරේ.