වසර 79කට පසු පොත පුස්තකාලයට


වසර 79 කට පසු භාරදුන් පුස්තකාල පොතක් ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයයේ ලෙස්ටර් ප්‍රදේශයෙනි.

පුස්තකාල කාර්යමණ්ඩලය ගණන් බලා ඇති ආකාරයට වසර 79 ක් පමා වීම නිසාවෙන් ගෙවිය යුතු දඩය පවුම් 11,500 (රුපියල් 2461000) කි.

zzමාස්ටර් ඔෆ් මෙන්zz නම් මේ පොත ලෙස්ටර් පුස්තකාලයෙන් ලබාගෙන තිඛෙන්නේ 1934 දීය. එය යළි පුස්තකාලය වෙත භාරදිය යුතු දිනය ලෙස සටහන්වී තිබී ඇත්තේ 1934 මැයි 28 වැනිදාය.

කීත් ඩොල්පින් (64) හට සිය නිවෙස අස්පස් කිරීමේදී මෙම පොත හමුවී ඇත.එය තම නිවසේ පෙර හිමිකරුවා පුස්තකාලයෙන් ගන්නට ඇතැයි ඔහු සැක කරයි.

ගෙවිය යුතු අතිවිශාල දඩය නොසළකා හැරීමට පුස්තකාලාධිපති  තීරණය කර තිබේ.මුදල් වෙනුවට මේ සා පැරණි පොතක් යළි පුස්තකාලය වෙතම ලැබීම සෑහෙන බව ඔහු කියයි.