අවුරුදු 50 කට ආසන්න කාලයකට පෙර පාසලේ කී‍්‍රඩා පිටියේ පෙම් කළ පෙම්වතුන් දෙදෙනෙක් ෆේස් බුක් මගින් යළි හමුවී විවාහ වූහ.
ජෝන් හෙම්ස්ටෝක් (63) සහ කැතී ඕටන් (62) එකම පන්තියක උගෙන ගත්හ.පාසල් කී‍්‍රඩා පිටියේ එකට සෙල්ලම් කළ ඔවුන් 14 හැවිරිදි වියේදී පෙමින් බැඳුණහ.
නමුත් අවුරුද්දකට වැඩි කාලයක් පෙම්වතුන් ලෙස සිටීමට ඔවුනට නොහැකි වූයේ කැතී වෙනකෙකු හා පෙම් කිරීමට පටන්ගත් නිසාය. නමුත් ඔවුහු හොඳම යහළුවන් බවට පත්වූහ. එපමණක් නොව රූ රැජිනක් වන කැතී 1972 විවාහ වන අවස්ථාවේ ජෝන් ආරාධිත අමුත්තන් අතර සිට ඇයට සුභ පැතීය.
ජෝන් විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියකු වන අතර පසුව බිරිඳගෙන් දික්කසාද විය. මෙසේ තනිකමෙන් සිටින ඔහු ගැන දුක් වූ දියණියගේ බල කිරීමට තනිකම මකා ගැනීමට පරණ යළුවන් හා සම්බන්ධ වීමට සිතා ෆේස් බුක් වෙබ් අඩවියට සම්බන්ධ විය.
දිනක් ඔහුට ලැබී ඇති පණිවිඩයකින් ඔහු පුදුම වූයේ ඒ ඔහුගේ පළමු පෙම්වතිය වන බැවිනි. එසේ ඔවුන් දෙදෙන එකිනෙකා හා සම්බන්ධ වුහ.
පසුව දෙනොම විවාහ වීමට තීරණය කළ අතර මේ සඳහා ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගේද කැමැත්ත ලැබුණි. කැතී පාසලේදී කොළ කැබැල්ලක ලියා පැන්සල් පෙට්ටියේ දමා ගෙන සිටි නම, ජෝන් හා මහලුවියේදී හෝ මෙසේ එකතු වීමට හැකි වීම දෙදෙනාටම පී‍්‍රතිමත් කරුණක් විය.

