වසර 12,000 කට පසු අවදි වුණු හේලි ගුබ්බි


 

අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ ගිනි කන්දක් (යමහලක්) පුපුරා යෑමට පටන්ගෙන ඇත.

මෙම ගිනි කන්ද හේලි ගුබ්බි (Hayli Gubbi) ය. ගිනි කඳු පිපිරීම අරුමයක් නොවුණත්, මෙම ගිනි කන්ද සක්‍රීය වී, පුපුරා යෑම විශේෂ යැයි ගිනි කඳු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන යමහල් විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගිනි කන්ද පුපුරා ගියේ වසර 12,000 කට පසුවය.

ගිනි කන්දෙන් නිකුත් වුණු අළු සහ දුම් වලා රතු මුහුදට ඉහළින්, ඊසාන දෙසට විහිදී ගියේය.

එම විෂ දුම් වලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවත් නරක අතට හැරවීමට පවා සමත් විය. ඉන්දියාවේ ගුවන් ගමන්වලට ද ගිනි කඳු සුම් වලාව හරස් විය. යමහල් විද්‍යාඥයන්, හේලි ගුබ්බි වඳ වී ගිය ගිනි කන්දක් ලෙස වර්ගීකරණය කර තිබුණි.