වතිකානුවේ නත්තල් දේව මෙහෙයේදී
16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්, නත්තල් දින විශේෂ දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේදී පෙරේදා (24) රාති‍්‍රයේ පැවැත්වුණු අතර දහස් ගණනින් කිතුනු බැතිමතුන් ඊට සහභාගී වූහ.
බෙනඩික් පාප්තුමන්ගේ පදවි ප‍්‍රාප්තියෙන් පසු එතුමාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සත්වැනි නත්තල් දේව මෙහෙය විය.
ජේසුතුමන්ගේ නිහතමානී ගුණය ගැන දේශනා කළ පාප්තුමන් කියා සිටියේ ලෝකය වාණිජකරණයට මුල් තැන දෙමින් යහපත් ගුණදම් වියැකී යෑම ගැන තමා කනස්සල්ලට පත්වන බවත් සෑම දෙනාම ජේසුතුමන්ගේ උත්පත්තියෙහි සැබෑ අරුත වටහා ගෙන කටයුතු කරන ලෙස තමා සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බැව් කීය.

