ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමඟ, ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව තීරණය කළේය.
ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි.
2019 අවසානයේ ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වී, එය ගෝලීය වසංගතයක් දක්වා දුර දිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි තීන්දු නොගැනීම නිසා යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා නගා ඇත. 2019 වසරේ දී චීනයේ වූහාන් නුවරින් හිස එසවුණු ‘කොවිඩ් 19’ වසංගතය ඔඩුදුවද්දී, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ද ට්‍රම්ප්ය.
ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි ද පවසා ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් තෙක් දුරදිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොසැලකිල්ල නිසා බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගත් තීරණය නිවැරදි බවත්, ඒ අනුව යමින්, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආජන්ටිනාව ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවත් ජනාධිපති හවියේ මිලෙයි පැහැදිලි කර ඇත. හවියේ මිලෙයි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මිතුරෙකි.
පසුගිය 2024 නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ඇමෙරිකාවේ ත්‍්ලොරීඩා ජනපදයේ ‘මාර් අ ලාගෝ’ ට්‍රම්ප්ගේ මන්දිරයට ගොස් ට්‍රම්ප් හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ද හවියේ මිලෙයි ය.
(ඒ.එෆ්.පී.)