
ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සීමින් චියැන් නොහොත් යාඩි ෂැං නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගෙන ඇත.

