ලොව ධනවත්ම කාන්තාව ඕස්ටේ‍්‍රලියාවේ
ලෝකයේ ධනවත්ම කාන්තාව ඕස්ටේ‍්‍රලියාවේ යපස් පතල් හිමිකාරියක වන ජීනා රයින්හාට් බව ‘බිස්නස් රිවීව් වීක්ලි’ සඟරාව පළ කළ දර්ශකයකින් හෙලි වී ඇත.
මේ අනුව ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි කි‍්‍රස්ටි වොල්ටන් අභිබවා යෑමට රයින්හාට්ට හැකියාව ලැබී තිබේ. 58 හැවිරිදි රයින්හාට් සතු වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 28.48 කි.

