
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන්ට සුදු පැහැති අරාබි අශ්වයකු තෑගි වශයෙන් හිමිවුණු බව වකිතානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වංශවත් කුලයකට අයත්, ඉහළ වටිනාකමකින් යුත් මෙම අශ්වයා, පාප්තුමාට තෑගි කර ඇත්තේ පෝලන්න අශ්ව ගොවිපල හිමිකරුවකුය. අවුරුදු 12 ක් වයසැති මෙම අශ්වයා ‘ප්‍රෝටන්’ යනුවෙන් නම් කර ඇතැයි ද පැවැසෙයි.
පාප්තුමන්ට අශ්වයා තෑගි කළ අවස්ථාවේදී එතුමන් ඒ ගැන මහත් සේ සතුටට පත්වුණු බවත්, අශ්වයා ද පාප්තුමාට දැඩි ලෙන්ගතුබවක් පෙන්වූ බවත් අශ්වයා තෑගි කළ අශ්ව ගොවිපොල හිමිකරු ඇන්ද්‍රේස් මිචැල්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

