
යුක්‍රේනයේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පැවැසෙයි.
යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ ප්‍රහාරයෙන් තවත් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවය.
එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ගිනි ගෙන විනාශ වී ඇති අතර රෝහලකට සහ පාසලකට ද හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි.
කීව් නගරයේ විදුලි සැපයුම් පද්ධතියකට ද හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් නගරයේ විදුලිය සහ ජල සැපයුම අඩාල විය හැකි බව එරට බලධාරීන් වැඩිදුර පවසා ඇත.

