
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 28 කින් සමන්විත සාම සැලැස්ම ප්‍රගතිවක් අත්කරගෙන ඇති බවත්, එය සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
කරුණු 28 කින් සමන්විත මෙම සාම සැලැස්ම සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැදිහත් වී, යුක්රේන සහ යුක්රේනයට සහාය පළ කරන යුරෝපා රටවල නියෝජිතයන් අතරේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්විණි.
සාම සැලැස්ම සාර්ථක වේවි යැයි තමන් විශ්වාස කරන බව රූබියෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඉන්පසුවය.
එසේ වුවත්, මෙම සාම සැලැස්ම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට සිදුවනු ඇතැයි ද රූබියෝ අවධාරණය කර ඇත. ජිනීවා නුවර පැවැත්වුණු එම සාකච්ඡා සඳහා බි්‍රතාන්‍ය, ප්‍රංශ, ජර්මන් නියෝජිතයෝ සහභාගී වූහ.
කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ මෙම සාම සැලැස්ම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇත. ඒ, එය රුසියාවට වාසි වන ආකාරයට සකස් කළේ යැයි චෝදනා නගමිනි.
සෙලෙන්ස්කී මෙසේ කනස්සල්ල පළ කිරීම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අප්‍රසාදයට හේතුවක් විය. ලබන නොවැම්බර් 27 වැනිදාට පෙර සාම සැලැස්ම පිළිගන්නැයි ද ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාව ඇමෙරිකාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා බටහිර රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති පුටින්, 2022 පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ඒ නිසාය. එදා සිට ඔඩුදුවන රුසියයන් යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවේත් යුක්රේනයේත් බොහෝ දෙනකුට දිවි අහිමි වී ඇත.

