රුසියන් බැලැස්ටික මිසයිලය සාර්ථකයි


ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි.

‘9එම්.730 බියුරේවෙස්ට්නික්’ නමැති මෙම මිසයිලයට, මිසයිල ආරක්ෂක පද්ධති සහ රේඩාර් පද්ධති මඟහැර යෑමට හැකි බව ද පැවැසෙයි.

මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, රුසියන් මාණ්ඩලික ප්‍රධානී, හමුදා ජනරාල් වැලරි ජෙරසිමෝව්, ඒ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැනුවත් කිරීමෙන් පසුවය.

බියුරේවෙස්ට්නික් මිසයිලයට කිලෝ මීටර් 14.000 ක දුරක ඉලක්කයකට පහසුවෙන් ළඟා වීමේ හැකියාව පවතී. ඊට අමතරව, මෙම මිසයිලයට ඕනෑම ආකාරයේ යුද ශීර්ෂයක් සවි කළ හැකි බව ද පැවැසෙයි. 

මෙම මිසයිලය නිෂ්පාදනය සහ අත්හදා බැලීම ආරම්භ කළේ 2018 දී යැයි ද පැවැසෙයි.