
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රදාන්ට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් නවදිල්ලි අගනුවර පැවැති විරෝධතාවලට විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ද එක් වූහ.
රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා, කැරපොතු පක්ෂයේ ජෙන්සී තරුණ විරෝධතාකරුවන්ට සහාය දක්වන්න ඉදිරිපත් වූයේ විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ සහාය ඔවුන්ට ලැබෙන බව පෙන්වමිනි.
ජෙන්සී තරුණ විරෝධතාකරුවන් පොලිසිය විසින් මර්දනය කිරීම රාහුල්ගේත්, ප්‍රියංකාගේත් සෙසු කොංග්‍රස් පක්ෂ සාමාජිකයන්ගේත් විරෝධයට හේතුවක් විය.
පොලිස් නිලධාරීන් පිරිසක් රාහුල් ගාන්ධි සහ සෙසු විරෝධතාකරුනක් කුදලාගෙන ගිය අතර, ප්‍රියංකා ගාන්ධි බලහත්කාරයෙන් පොලිස් බස් රියකට පටවා ගැනීම සිදුවිය. කෙසේ නමුත් සවස රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි සහ සෙසු කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන්ට නිදහස හිමිවිය.

