
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සකස් කළ සාම යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ගියේය.
ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී, සෙලෙන්ස්කී සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතරේ සාම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රෝපා රටවල සහාය හිමිවන්නේ යුක්රේනයටය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ෆෙඩ්රිච් මර්ස් ද පසුව ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණ ස්ටාර්මර් සහ සෙලෙන්ස්කී හමුවූහ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සකස් කළ එම සාම යෝජනාවලිය කරුණු 28 කින් සමන්විතය. ට්‍රම්ප් නියෝජිතයන් එම යෝජනාවලිය යුක්රේන ජනාදිපති සෙලෙන්ස්කීටත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් ඉදිරිපත් කෙරුණි.
සාම යෝජනාවලිය සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් වුණු අතර, සාම සැලැස්ම යළි සකස් කෙරුණි. ලන්ඩන් නුවරට රැස්වී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ෆෙඩ්රිච් මර්ස් සාකච්ඡා කළේ එම සංශෝධිත සාම යෝජනාවලිය සම්බන්ධයෙනි.

