
රුසියාව සමඟ පවතින යුද ගැටුම් මැද යුක්රේනයේ බලශන්ති අංශයට අදාළව ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක වංචාවක් සිදුවී ඇතැයි ඊට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ සමීපතයන් සම්බන්ධ බවත් අනාවරණය වී ඇත.
මේ බව අනාවරණය කරගෙන ඇත්තේ යුක්රේනයේ ජාතික දූෂණ විරෝධී කාර්යාංශය පසුගිය මාස 15 ක කාලය පුරා සිදු කළ විමර්ශනවලින් පසුවය. මෙම වංචාවට යුක්රේන ජනාධිපති සෙලෙන්සීගේ සමීපතමයකු ලෙස සැලෙක ටයිමූර් මින්ඩිච් නමැති ව්‍යාපාරිකයා ද සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇත.
විමර්ශකයන්ට, ටයිමූර් මින්ඩිච්ට අයත් මහල් නිවාසයක තිබී රත්තරන් ආලේපිත වැසිකිළියක් සහ මුදල් මලු කීපයක් හමුවි ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජනාධිපති සෙලෙස්කී වරක් සිය උපන් දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා ඇත්තේ ද මින්ඩිච්ට අයත් මෙම මහල් නිවාසයේ යැයි මාධ්‍ය වාර්තා කර ඇත.

