මෙහෙමත් ආසාවක් By None // 2012 නොවැ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් අසන්නට නොලැබුණු විස්මිත වූත්, අරුම පුදුම චෝදනාවකි. පොලිසිය කියා සිටියේ කාන්තාවගේ නිවසේ තිබි මිනිස් ඇට සැකිලි හිස්කබල් සොයාගත් බවත්, එම මිනිස් ඇට සැකිලි ලිංගික තෘප්තිය සඳහා උය උපයෝගී කරගෙන ඇති බවත්ය. එහෙත් එම චෝදනාවට නඩු පැවැරීම සඳහා නීති පොතේ වගන්තියක් නැති හෙයින් ‘‘මළවුන්ගේ සාමයට බාධා කිරීම‘‘ යන චෝදනාව යටතේ ඇයට විරුද්ධව නඩු පවරන බව ස්විඩන් පොලිසිය අධිකරණයට දැන්වීය. පොලිසිය කාන්තාවගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් හිස්කබල් පහක්, කොඳු ඇට පෙළක් සහ තවත් මිනිස් ඇට කටු රාශියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇයගේ නිවසේ රහස් කාමරයක මෘත ශාරීරාගාරයක මෙන් පවත්වාගෙන ගිය කොටසක මෙම ඇට සැකිලි තිබි අත්අඩංගුවට ගත් බවයි. නිවසේ තිබූ සී.ඩී. තැටි දෙකක් සහ ලිංගික ක්‍රියාවනට අදාල ඡායාරූප රැසක් තිබූ බවත් එක් ඡායාරූපයක ඇය මිනිස් හිස් කබලක් සිප ගන්නා ආකාරය විදහා දැක්වෙන බවත් පොලිසිය කීවේය. සී.ඩී. තැටිවලින් එක් තැටියක මගේ පළමු අත් දැකීම මැයෙන් එයට අදාල ඡායාරූප ලියකියවිලි තිබූ බවත් අනෙක් තැටියේ මළවුන් සමග සංවාසයක් යෙදෙන ඡායාරූප ලියකියවිලි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළේය. ඇය මානසික වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කළ ද ඇයට කිසිදු මානසික රෝගයක් හෝ එවැනි රෝගයක ලක්ෂණවත් නොමැති බව වාර්තා කර ඇතැයි ද පොලිසිය වැඩදුරටත් කියා සිටියේය. පොලිසිය මුලින් සැකකර ඇත්තේ ඇය කිසියම් මිනිමැරුම් කීපයක් රහසිගතව සිදුකර එය වසන් කිරීමට උත්සහා ගන්නා ආකාරයක වුවත් පසුව කළ නිරීක්ෂණවලදි මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. චෝදනාවට නිවැරැදි කරු බව ඇය ප්‍රකාශ කළැයි. තමා කිසිදු වරදක්කර නොමැති බවත් මිනිසුන්ට මුද්දර එකතු කිරීමට ඇති ආශාව මෙන් තමන්ද මිනිස් ඇට සැකිලිවලට එකතු කළ බවත් ඇය කීවාය. නඩු විභාගයට පැවැත්වෙන අතර ඇය වැරැදිකරු වුවහොත් වසර දෙකක සිරදඬුවමක් සහ දඩයක් ද ගෙවීමට සිදුවේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත