මෙක්සිකෝවේ පිපිරීමකින් 23 ක් මරුට: 12 ක් රෝහලේ


උතුරුදිග මෙක්සිකෝවේ, සොනෝරා ප්‍රාන්තයේ, හර්මොස්සිලෝ නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.

පිපිරීමත් සමඟ ගින්නක් ද හටගත් අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ යුහුසුළු වූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත්, පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතළ බවත් වාර්තාවේ. 

පිපිරීමත් සමඟ විෂ දුමක් කාන්දු වූ බවත්, එම විෂ දුම ආඝ්‍රාණය වූවන් බොහෝ දෙනකු ද තුවාල ලැබූවන් අතරේ සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් ඇත්තේ එය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා යැයි ද පැවැසෙයි.