මෙක්සිකෝ අපරාධ කල්ලි නායකයා මරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සන්නද්ධ අපරාධවලට සම්බන්ධ මෙක්සිකෝවේ ක්‍රියාත්මක ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන්’ නමැති දරුණු අපරාධ කල්ලිය අඩපණ කිරීමට එරට හමුදාව සමත් විය.

ඒ, ඊයේ (22) සිදු කළ වැටලීමකින්, ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලියේ නායක එල් මෙන්චෝ මරා දැමීමත් සමඟය.

එල් මෙන්චෝ ඝාතනය සිදුවූයේ ඇමෙරිකන් හමුදාවේත්, ඇමෙරිකන් බුද්ධි අංශවලත් සෙසු ඇමෙරිකන් ආරක්ෂක අංශවලත් සහාය ඇතිව යැයි මෙක්සිකෝ රජය පවසයි.

එල් මෙන්චෝ යනුවෙන් හැඳින් වූයේ නිමෙසියෝ රූබෙන් ඔසෙගුවේරා සෙර්වෙන්ටේස් නමැත්තාය.