මියන්මාර නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාරයක්


බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්  තවත් පිරිසක් තුවාල ලබා ලැබූ බවත් වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වෙද්දී සිසුන් නිදා සිටි බව ද පැවැසෙයි.

මියන්මාර හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බව පැවැසෙන්නේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමිනි.