
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවධානය වැඩි වීමත් සමඟ, වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට මැලේසියාව ද සූදානම් වෙයි. මෙම තහනම ලබන 2026 දී ක්‍රියාවට නැංවෙනු ඇත.
මැලේසියා සන්නිවේදන අමාත්‍ය ෆාහ්මි ෆද්සිල් පෙන්වා දී ඇත්තේ, අන්තර්ජාලය ඔස්සේ සිදුවන සයිබර් හිරිහැර, මූල්‍ය වංචා සහ ළමා ලිංගික අපයෝජන වැනි හානිකර ක්රිදයාවලින් තරුණයින් ආරක්ෂා කිරීමේ අවශ්යැතාව මත මෙම පියවර ගන්නා බවය.
මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ලබන මාසයේදී අවුරුදු 16ට අඩු පරිශීලකයින්ගේ ගිණුම් අක්‍රිය කිරීමට සූදානමින් සිටී. මැලේසියාවේ අසල්වැසියකු වන ඉන්දුනීසියාව ද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සඳහා අවම වයස් සීමාවක් සැකසීමට කටයුතු කරන බව විදෙස් මධ්‍ය පවසයි.

