මැලේසියාව අසල මුහුදේදී සැප නැවක ඇන්ජිම නවතී
සංචාරයකයන් දහස් ගණනක් රැගෙන යාත‍්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක් ඇන්ජිම අකි‍්‍රය වීමෙන්, පෙරේදා (31) මැලේසියාව අසල මුහුද මැද නතර විය.
ටොන් 30,277 ක් බර, මීටර් 1809 ක් දිග ‘ඇස්මාරා ක්වෙස්ට්’ නමැති එම නැවේ ඇන්ජින් හිටිහැටියේ අකි‍්‍රය වූයේ සූලූ මුහුදේදීය. නැව බෝනියෝ දූපත් බලා යාත‍්‍රා කරමින් තිබුණි.
නැවේ මගීන් 590 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 411 දෙනෙක් සිටියහ. සංචාරකයන්ගෙන් බොහෝ දෙනා ඇමෙරිකන් ජාතිකයෝය. ඊට අමතරව යුරෝපීය සහ ඕස්ටේ‍්‍රලියා ජාතික සංචාරකයෝ ද නැවේ සිටියහ.

