මැන්ඩෙලා ලෙඩ වෙයි By None // 2012 දෙසැ 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරවී රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. අනුහතර හැවිරිදි වියේ පසුවන මැන්ඩෙලා හොඳ සනීපයකින් ඉන්නා බවත් රෝහල් ගත කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමට බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි. එනමුත් පසුගිය වසර දෙකක පමණ කාලයේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම නිසා බොහෝදෙනා ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලවත්සේ කණස්සල්ලට පත්ව සිටිති. සුදු පාලන සමයේ දකුණු අප්‍රිකාවේ පැවැති රාජ්‍ය වර්ණභේදයට එරෙහිව ජනයා පෙළගැස්වීමේ හේතුවෙන් වසර 27ක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගතව සිටි මන්ඩෙලා නිදහස ලැබීමෙන් අනතුරුව 1994 දී එරට ජනාධිපති ලෙස මහජන චන්දයෙන් තේරීපත් විය. දකුණු අප්‍රිකාවේ සියලු ම ජාතීන්ට එක සමානව සැලැකීම ඔහුගේ පිළිවෙත විය. නිල කාලයවූ වසර පහ අවසන් වූ පසුව මුළු රටම තවදුරටත් ජනාධිපති තනතුරේ ඉන්නා ලෙසට ඉල්ලාසිටියද ඔහු ප්‍රතික්ෂේප කර විශ්‍රාම ගියේය. මැන්ඩෙලා අද අසහාය දේශපාලඥයෙකු ලෙසට මුළු ලොවම ප්‍රසාදය දිනා සිටියි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත