
ඊශ්‍රායලයේ සංචාරයක නියැලී සිටින ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට අමතක කළේ නැත.
ඔහු මෙලෙස එම කලාපයේ සංචාරය කරන්නේ ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව ඇමෙරිකාව ද සිය අසතුට පළ කර තිබියදීය.
ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබි - ඉස්ලාම් නායක සමුළුවක් හදිසියේ කටාර්හිදී පැවැත්වෙන පසුබිමක රූබියෝ මෙලෙස ඊශ්‍රායලය වෙත සංචාරය කිරීම විශේෂත්වයකි.

