මායාවතීගේ පිළිරූ ආවරණය කෙරේ


ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ඡන්දය එලැඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අතර ලක්නව් නුවර ඉදිකර ඇති ප‍්‍රාන්ත මහ ඇමැතිනී මායාවතීගේ පිළිරූ සියල්ල ආවරණය කිරීමට ප‍්‍රාන්ත බලධාරීහු ඊයේ (12) පියවර ගත්හ. ඒ, මැතිවරණ රෙගුලාසි අනුව ඡුන්ද දායකයන්ට අනියම් ලෙස බලපෑම් එල්ල වීම වැළැක්වීම පිණිසය.