මහ පාරේ රජු නික්මෙයි By None // 2012 දෙසැ 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ බඕජින් ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින් කැපු අධිවේගී මහා මාර්ගයට ඉඩදී තම නිවස අතහැර යාමට එකඟ නොවීම නිසායගගමේ ඉදිවෙන නව දුම්රියපොළ යා කැරෙන මහා මාර්ගයට ඉඩ දීමට අසල්වාසීන් සියලුදෙනාගේ ගේදොර සමතලා වෙද්දී තම පාරම්පරික නිවසින් ඉවත්වීමට ලූ බඕජින් සහ ඔහුගේ බිරිය කැමති කරවා ගැනීමට බලධාරීහු අසමත් වුහ. අන්තිමේදී එම ගරාවැටුණු සිවු මහල් ප්‍රාසාදය මේ වියපත් අඹුසැමි යුවළගේ විරෝධයේ සංකේතය ලෙසට පත්කරමින් එය වටා මහාමාර්ගය ඉදිවිය. අති ශීඝ්‍රගාමී වර්ධනයක් කරා දිවයද්දී නව චීනය මුහුණදෙන මානුෂික හැල හැප්පිලි මුර්තිමත් කළ මෙම අනුවේදනීය සිද්ධියට ලොවවටා විවිධ මාධ්‍යයන් ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග ලූ බඕජින්ට ,මහපාරේ රජ්ජුරුවෝ, යන අන්වර්ථ නාමයද පට බැදිණි. තාරාවන් ඇතිකර ජීවිතය ගැටගසාගනිමින් සරල ජීවිතයක් ගතකල ලූ බඕජින් යුවළට මහපාරේ රජකම වැඩිකල් කරගැනීමට ඉඩකඩ ලැබුනේ නැත. ප්‍රසිද්ධිය සමගම බලධරයින්ගේ සීමාන්තික උපක්‍රම සහ බලපෑමද උත්සන්නවිය. අන්තිමේදී ලූ බඕජින් යුවළට කරකියාගත දෙයක් නොමැතිවූ විට රජය තීන්දුකළ වන්දිය ගෙන නිවාස අතහැර යාමට සිදුවිය. ඔවුනට තම නිවසේ එළිපත්ත පනින්නට වත් ඉඩක් ලැබුනේ නැත. දැවැන්ත බුල්ඩෝසර සහ කැණීම් යන්ත්‍ර කඩාවැදී ඉතිරිවී තිබූ අබලන් ලූ බඕජින් මාලිගාව පොළවට සමතලා කළේය. සබැඳි පුවත් ..... වන්දි නොලැබී තවමත් අධිවේගයේ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත