
කවුරුත් පුලපුලා බලා සිටි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝක් නගරාධිපති ලෙස තේරී පත් වුණු සොහ්රාන් මම්දානී අතර හමුව ධවල මන්දිරයේ දී ඕවල් කාර්යාලයේ දි පැවැත්විණි.
සොහ්රාන් මම්දානී යනු ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන, නිව්යෝක් නුවර නගරාධිපති ධුරයට තේරී පත් වුණු ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයාය. 34 හැවිරිදි ඔහු එම ධුරයට තේරී පත් වන ළාබාලතම තැනැත්තා ද වෙයි.
නගරසභා මැතිවරණය පැවැත්වෙද්දී, ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාරයලට මම්දානී ලක්විය. මම්දානී ජයග්‍රහණය කළේ ට්‍රම්ප් විවේචනය කරමිනි. මම්දානී ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවෙද්දී, එම හමුව වාග් ප්‍රහාරවලින් සහ මත ගැටුම්වලින් උණුසුම් වනු ඇතැයි කාගේත් විශ්වාසය විය.
එසේ වුවත් එවැන්නක් සිදු නොවුණු අතර, දෙදෙනා ඉතා සුහදව කතාබහ කළ අතර, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පවා විවෘතව පිළිතුරු දුන්හ. එදිරිවාදිකම් පසෙකළා ඉදිරියට කටයුතු කිරීමට තමන් සහ මම්දානී අතරේ එකඟත්වයක් ඇති වුණු බව ට්‍රම්ප් හමුවෙන් පසු පැවැසීය.

