බෝම්බයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් නෑ - මෝදි


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ පුපුරා ගිය කාර් බෝම්බයට වගකිව යුතු සියලු දෙනා නිසැකවම නීතිය හමුවට රැගන ඒමට වගබලාගන්නා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ භූතානයේ නිල සංචාරයක් සඳහා එක් වෙමිනි.

”මම අද භූතානයට ආවේ ශෝකයෙන් බරවූ හදවතක් ඇතිවයි. දිල්ලියේසිදුවූ භයානක සිදුවීමෙන් අප සියල්ලන්ම කම්පාවට පත්ව සිටිනවා. මෙම සියලු විමර්ශන කණ්ඩායම් සමඟ කතා කළා. අපේ ආයතන මේ කුමන්ත්‍රණයේ ගැඹුරටම සොයා බලනවා. මෙම කුරිරු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් කිසිවෙකුත් අත්හරින්නේ නැහැ. සියල්ලන්ම නීතිය හමුවට පමුණුවනවා.” යනුවෙන් අග්‍රාමාත්‍ය පැවැසීය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ පුපුරා ගිය කාර් බෝම්බයට බිලි වුණු ගණන 9 කි. ප්‍රහාරයේ සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ජම්මු - කාෂ්මීර වැසියෙක් වන 37 හැවිරිදි වෛද්‍යවරයෙකි.