බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා




බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එරට කැබිනට් මණ්ඩලය අද (07) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අග්‍රමාත්‍යවරයා නිවසේ ස්වයං හුදකලාවේ පසුවන බවයි.

අග්‍රාමාත්‍යවරයා මෘදු රෝග ලක්ෂණ පෙන්වන බවත් ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බොස්නියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 28,000ක් වාර්තා වන අතර රෝගයෙන් මියගිය සංඛ්‍යාව 49කි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)