බොට්ස්වානා චීටා ඉන්දියාවට


චීටා සතුන් 8 දෙනකු ඉන්දියාවට පරිත්‍යාග කරන බව අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මුගේ රාජ්‍ය සංචාරය අතරතුර බොට්ස්වානා ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි ද පැවැසෙයි.‍

සෞඛ්‍ය, අධ්‍යාපනය, හමුදා සහයෝගීතාව, වෙළඳාම සහ ආයෝජන වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉන්දියාව දෙන සහයෝගයට ඇගයීමට ලක් කරමින් මෙම චීටා සතුන් ඉන්දියාවට තෑගි කරන බව බොට්ස්වානා ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.