
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මියන්මාරයට පැමිණ එරට බලය අත්පත් කරගෙන සිටින හමුදා පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායක ජනරාල් මිං අවුන් ලැයිංග් හමුවිය.
මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍ර නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා රටේ බලය අල්ලා ගත්තේ 2021 පෙබරවාරි පළමු වැනිදාය. දේශද්‍රෝහී චෝදනාවලට වරදකරු වුණු සූ කී නිවාස අඩස්සියේ පසුවෙයි. ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් බොහෝ දෙනකුට සිරදඬුවම් හෝ මරණ දඬුවම් හිමි වී ඇත.
මියන්මාර හමුදා නායක මිං අවුන් ලැයිංග්, හමුවීමට පැමිණි දෙවැනි විදෙස් රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ ජනරාල් මිං අවුන් ලැයිංග්ය. බෙලරූස් නායකයකු මියන්මාරයට පැමිණියේ වසර 26 කින් යැයි ද පැවැසෙයි. හමුදා නායක මිං අවුන් ලැයිංග් හමුවීමට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන්ය.
මියන්මාරයත් බෙලරූස් රාජ්‍යයත් අතරේ ශක්තිමක් වෙළෙඳ සහ හමුදා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමකට අස්සන් කිරීමට නියමිතව ඇත. ඒ, 2026 වසරේදීය. ඊට මඟ සකස් කිරීමක් ලෙස බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ මෙසේ මියක්මාරයට පැමිණි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

