
ශ්‍රේෂ්ඨ සාහිත කෘති ඇගයීමට ලක් කරමින් පිරිනැමෙන බුකර් ත්‍යාගය හංගේරියානු-බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සාලේ ගේ ‘ෆ්ලෙෂ්’ නවකතාවට හිමිවිය.
‘ෆ්ලෙෂ්’ මෙම නවකතාවෙන් කියවෙන්නේ, වධ හිංසාවට ලක් වූ හංගේරියා සංක්‍රමණිකයකු මහත් ධනයක් උපයා එය නැවත අහිමි කර ගන්නා ආකාරයයි.
51 හැවිරිදි සාලේ, ඉන්දියානු නවකතාකාරිනී කිරන් දේසායි සහ එක්සත් රාජධානියේ ඇන්ඩෲ මිලර් ඇතුළු කෙටි ලැයිස්තුවට තේරී පත් වූ අනෙකුත් ලේඛකයන් පස් දෙනකු පරදවා මෙම සම්මානය හිමිකර ගත්තේය. ඩේවිඩ් සාලේ ට බ්‍රිතාන්‍ය පවුම් 50,000 ක (ඇමෙරිකන් ඩොලර් 65,500) ත්‍යාග මුදලක් හිමි විය.
(අල් ජසීරා)

