ව්‍යාපාරිකයන් පිරිසක් ද පිරිවරාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර සංචාරයකට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) ඉන්දීය රජය සමඟ නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීය.
අගමැති කැමරන් ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේ ඉකුත් 18 වැනිදාය. බි‍්‍රතාන්‍ය ව්‍යාපාරික ආයතන සහ සමාගම් රැසක ප‍්‍රධානීන් සහ නියෝජිතයෝද අගමැතිවරයා සමඟ එම සංචාරයට එක් වූහ.
ඉන්දියාවේ ආර්ථික කේන්ද්‍ර ස්ථානය ලෙසින් ද සැළකෙන මුම්බායි නුවරට පැමිණි අගමැති කැමරන් ඉන්දීය ව්‍යාපාරික ප‍්‍රජාව අමතමින් විශේෂ දේශනයක් ද පැවැත්විය.
අගමැති කැමරන් එම ඉන්දීය සංචාරය ආරම්භ කළේ හෙලිකොප්ටර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති මොහොතකය.
ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේස්ත‍්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ආයෝජන අවස්ථා රැසක් ඇති කර ගැනීමට ද කැමරන් ප‍්‍රමුඛ නියෝජිත පිරිස සූදානමින් සිටින බව වාර්තා වේ. අගමැති කැමරන් ඉන්දියාවට පැමිණියේ ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්ගේ ඉන්දීය සංචාරයෙන් පසුවය. ප‍්‍රංශ ජනාධිපති ඕලන්ද් ද ඉන්දියාවට පැමිණ වෙළෙඳ ගිවිසුම් රැසකට අස්සන් තැබීය.
|
|
|

