
බියාර් මැතිවරණයෙන්, ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සතුට පළ කර ඇත. මෝදි මේ බව පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය පක්ෂ නියෝජිතයන්ට සුබ පතමිනි.
‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ සහ එම පක්ෂයට හිතවත් සෙසු දේශපාලන පක්ෂ එක් වී ඇති කරගත් සංධානයයි.
බිහාරය යනු ඉන්දියාවේ තෙවැනි විශාලතම ජනගහනය සිටින ප්‍රාන්තයයි. මෙවර බිහාර ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වුණු ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන මිලියන 74 කි. එයින් වැඩි දෙනා ‘ජෙන් සී’ තරුණ තරුණියන් යැයි ද පැවැසෙයි.
මැතිවරණය අදියර කීපයකින් පැවැත්විණි. බිහාර් ප්‍රාන්ත සභාවේ ආසන 243 ක් වන අතර, එයින් ආසන 204 ක් දිනා ගැනීමට ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ සමත් විය.

