
චෝදනා රැසකට වරදකරු වී, සිර දඬුවම් නියම වී, ඇපමත නිදහස ලබා, නිවාස අඩසිස්යේ පසුවන බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ එරට ෆෙඩරල් පොලිස් භාරයට පත් විය.
හිටපු ජනාධිපතිවරයා පොලිස් භාරයට පත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් දෙ මොරායස් දුන් තීන්දුවකට අනුවය.
බලයේ රැදී සිටීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට බොල්සරානෝ වරදකරු විය. නඩු විභාගයෙන් පසු සැප්තැම්බර්මා මාසයේ සිර දඩුවමක් නියම වූ අතර අභියාචනා ක්‍රියාවලිය හේතුවෙන් නිවාස අඩස්සියට යොමු කෙරුණි.
නිවාස අඩස්සියේ පසුවන බොල්සරානෝගේ වළලුකරට විශේෂ ඉලෙක්ට්‍රොනික් වළල්ලක් සවි කරමිනි. ඒ අනුව, ඔහුට නිවසින් පිටවී යා නොහැකිය. එසේ වුවහොත් එම වළල්ල මගින් ආරක්ෂක අංශ ඒ බව දැන ගනී.
පසුගිය දා බොල්සරානෝ මෙම වළල්ල ගලයා දැමීමට උත්සාහ කළේ යැයි එම වළල්ලෙන් නිකුත් වුණු සංඥා අනුව පොලිසියට දැනගන්න ලැබුණි. ඒ අනුව පොලිසිය ඔහු අධිකරණයට යොමු කළ අතර, අධිකරණය ෆෙඩරල් පොලිස් භාරයට බොල්සරානෝ පත් කළේය. තමන් මානසික ආතතියට ඖෂධ ලබා ගන්නා බවත්, එම ආතතිය උත්සන්න වීම හේතුවෙන් තමන් ඉලෙක්ට්‍රොනික වළල්ල ගලවා දැමීමට උත්සාහ ගත් බවත් පැවැසෙයි.

