බංග්ලාදේශයේ ඇගලුම් කම්හලක ගින්නක්


බංග්ලාදේශයේ ඩකා අගනුවර, මීර්පූර් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක් සහ යාබද රසායනික ගබඩාවක් ගිනි ගැනීමෙන් 16 ක් ජීවිතක්ෂයට පත්වූහ.

තවත් 18 දෙනකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. ගින්න හටගත්තේ උදෑසන 11.45 ට පමණය. පිළිස්සී මියගිය අය හඳුනා ගැනීම ඩී.එන්.ඒ. සාක්ෂි අනුව සිදු කෙරෙන බව ද පැවැසෙයි.

රසායනික ගබඩාවෙන් නිකුත් වූ විස වායු නිසා බොහෝ දෙනකු සිහිසුන් වී, පසුව ගින්නට බිලි වන්න ඇතැයි ද පැවැසෙයි.