බංග්ලාදේශ හිටපු අගමැතිනී කලීඩා ෂියා රෝහලේ


බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා රෝහල්ගතව දැඩි සක්තාකර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීමට ලක්වී ඇති බවත් පවුලේ සාමාජිකයෝ පවසති.

80 හැවිරිදි කලීඩා ෂියා, විපක්ෂ නායිකාව ලෙස, අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ ඇගේ රජයේ දැඩි මර්දනයට ලක්වුණු තැනැත්තියකි. දූෂණ චෝදනාවලට වරදකාරිය වී ෂියා සිරදඩුවම් ද වින්දාය. කලීඩා ෂියා, නියෝජනය නරන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

කලීඩා ෂියා රෝහල්ගත කෙරුණේ පෙනහළු ආසාදන තත්වයක් හේතුවෙන් යැයි පැවැසෙයි. ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව බංග්ලාදේශ ජාතික පක්ෂය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.