
මෙක්සිකෝව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැමීමට පේරු රාජ්‍යය කටයුතු කර ඇත. ඒ, 2022 වසරේ සිදුවූ බව කියන රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ උත්සාහයකට අදාළව, නඩු විභාගයකට මුහුණ දෙන හිටපු පේරු අග්‍රාමාත්‍යවරියකට මෙක්සිකෝව සරණාගතභාවය ලබා දීම සම්බන්ධයෙනි.
චෝදනා එල්ල වී නඩු විභාගය ආරම්භ වෙද්දී, පේරු රටේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙට්සි චාවේස් මෙක්සිකෝවට පලා ගොස් මෙක්සිකෝවේ පේරු තානාපති කාර්යාලයේ රැකවරණය ලැබ සිටියාය. බෙට්සි චාවේස් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ පේඩ්‍රෝ කැස්ටිලෝ පේරු ජනාධිපති ලෙස කටයුතු කරද්දීය.

