
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ මගී බස් රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කල ගණන 24 කි.
මම බස් රථ අනතුර සිදුවූයේ දකුණුදිග පේරු රාජ්‍යයේ ඇරෙකිපා නගරයට නුදුරිනි. පේරු රටේ මෑත කකාලයේ සිදුවුණු දරුණුතම බස් රථ අනතුර ලෙස මෙය සැලකෙයි.
අනතුරට පත්වූයේ පේරු සහ චිලී රාජ්‍යයන් අතරේ දිවෙන අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රියක් යැයි ද පැවැසෙයි.

