
පිලිපීනයේ මැනිලා අගනුවර පැල්පත් 1,100 ක් ගින්නකින් විනාශ විය. මෙම පැල්පත්වල වාසය කළ පිරිස දස දහස් ගණනකි.
පැල්පත් විනාශ වුවත්, ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නැත. මෙම පැල්පත් මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි බව පැවැසෙයි. ගින්න හටගත්තේ ඊයේ (15) රාත්‍රී කාලයේය.
පැල්පත් සියල්ල එක පෙළට පිහිටි බැවින්, ගින්න ඉක්මනින් පැතිර ගිය බව පැවසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

