
දකුණුදිග පිලිපීනය ප්‍රබල භූමිකම්පාවකින් දෙදරා ගිය අතර, භූමිකම්පාවෙන් මියගිය ගණන 32 දක්වා ඉහළ ගියේය.
භූමිකම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර, බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බව පැවැසෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 250 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන් බවත්ය. භූමිකම්පාවෙන් මියගිය ගණන තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි පිලිපීන සහන සේවකයෝ පවසති.

