පිලිප් කුමරු රෝහලේ
හෘදයාබාධයකට ලක් වීමෙන් පසු බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ වල්ලභයා (සැමියා) වන 90 හැවිරිදි පිලිප් කුමරු හදිසියේම රෝහල් ගත කළ බව බකින්හැම් මාලිගය පෙරේදා (24) වාර්තා කළේය.
නැගෙනහිර ලන්ඩනයේ පැප්වෝර්ත් රෝහලේ දී සැත්කමකට ද භාජන වූ පිලිප් කුමරු තවමත් රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තා වේ.

