
ඉස්ලාමීය සටන්කාමීන්, නයිජීරියාවේ කතෝලික පාසලක නේවාසිකාගාරයකට කඩා වැදී පැහැරගෙන ගිය දැරියන්ගෙන් 100 දෙනකු බේරා ගැනීමට සමත් වූ බව නයිජීරියානු හමුදාව පවසයි.
දැරියන් පැහැර ගැනීම කළේ ඉස්ලාමීය සටන්කාමීන්ය. ඒ, පසුලිය නොවැම්බර් 21 වැනිදාය. එදා සටන්කාමීහු ශාන්ත මේරී කතෝලික පාසලට කඩා වැදී දැරියන් 300 දෙනකු සහ ගුරුවරුන් 12 දෙනකු පැහැරගෙන ගියහ.
එම අවස්ථාවේදී දැරියන් 50 දෙනකු සටන්කාමීන්ගෙන් බේරී පලා ආ බව ද වාර්තා විය. සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඉතිරි දැරියන් සහ ගුරුවරුන් බේරා ගන්නා බවට නයිජීරියා හමුදාව ප්‍රතිඥා දී ඇත. පැහැර ගැනීමට ලක්වූයේ අවුරුදු 10 ත් 17 තක් වයස්වල දැරියන්ය.

