
පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන්නේ නම් සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලින් සහතිකයක් ලැබෙනවා නම්, ජනාධිපතිවරණයක් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාව සමඟ යුද්ධයක පැටලී සිටින යුක්රේනයේ මේ වනවිට යුද නීතිය ක්‍රියාත්මක වෙයි. යුද නීතිය ක්‍රියාත්මක බැවින්, ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් හෝ පැවැත්වීම කළ නොහැකිය. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම්, පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතිය ඊට හිමිවිය යුතුය.
යුක්රේනයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2024 වසරේදීය. යුද ගැටුම් හේතුවෙන් එය කල් ගියේය. ‘ජනාධිපතිවරණයක් පැවැත්වීමට මා සූදානම්. පාර්ලිමේන්තුව ඊට පවත්වන්න පුළුවන්.’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

